Skip to main content

මානව සම්පත් කළමනාකරණයේ හැදින්වීම.

                      මානව සම්පත් කළමනාකරණය

  • මානව සම්පත් කළමනාකරණය ලෝකයේ පවතින කළමනාකරණ ක්ශ්‍රේත්‍ර වල ප්‍රධානතම විෂය ක්ශ්‍රේතයක් ලෙස හැදින්විය හැක.
  • මානව සම්පත් කළමනාකරණය කළමනාකරන ක්ශ්‍රේත්‍රයේ එක් උප ක්ශ්‍රේත්‍රයක් ලෙස හදුනාගත හැකි අතර එය කළමනාකරණ ක්‍රියාවේ එක් කාර්යයක් වන මාණ්ඩලීකරණයේ විකාශණයයි.

 

                           මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය


                       යෙදවුම්  >>>>>>>>>>> ක්‍රියාවලිය >>>>>>>>>>>>> නිමැයුම

 මිනිසා;      දැනුම                       
                     දක්ෂතාවය
                     කුසලතා                         සේවක හැසිරීම                     තෘප්තිමත්භාවය හා
                     ආකල්ප                                                                             කාර්‍යසාධනය
                     පළපුරුද්ද
                     හැකියාව

මානව සම්පත් කළමනාකරණයේ නිර්වචනය.........................

  • සංවිධානයක අරමුණූ හා පරමාර්ත කාර්යක්ශමව හා ඵලදායිව ඉටුකරගැනීම උදෙසා උපායශීලීව මානව සම්පත උපයෝගී කරගැනීමේ ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණයයි.

  •  සංවිධානයක අරමුණූ උපරිම අයුරින් ලගා කරගැනීම උදෙසා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත් ජනිත කරවා ගැනීමත් ඔව්න් කාර්‍යක්ෂම හා ඵලදායි ලෙස උපයෝජනය කරගැනීමත් අන්තර්ගත වන්නා වූ විධිමත් ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණයයි.

     

                       මානව සම්පත් කළමනාකරණයේ අරමුණු

 

  • මෙය ප්‍රධාන කොටස් 3 කි.
              1.ප්‍රධාන පරමාර්ථ
              2.උපායශීලී පරමාර්ථ
              3.අනෙකුත් පරමාර්ථ 


    1.ප්‍රධාන පරමාර්ථ 

    • සංවිධානයේ කාර්‍යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය.
    • ඉතාම යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් ජනිත කිරීම හා මෙහෙය වීම.
      සමාජ සුභසිද්ධිය.

    2.උපායශීලී පරමාර්ථ

    • සේවාදායක ඵලදායිතාව වර්ධනය.
    • සේවාදායක සංවර්ධනය.
    • සේවකයින්ගේ රැකියා ජීවිතයේ ගුණාත්මකභාවය වර්ධනය.
    • රජය විසින් පනවා ඇති නීති රීති අණපනත් වලට අනුකූල වන පරිදි ආයතනයේ මානව සම්පත උපයෝජනය කරන බව සහතික කිරීම.

    3.අනෙකුත්  පරමාර්ථ 

    • සේවා නියුක්ති පිරිවැය අවම කිරීම.
    •  සේවාදායකයා අභිප්‍රේරණය කිරීම.

Comments

Post a Comment